Trending Newsඑසැන පුවත්දේශීය

චාමර සම්පත්ගෙන් පැය 04ක ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (03) ප්‍රකාශයක් ලබා ගෙන තිබේ. පැය 04ක පමණක් කාලයක් ඒ් සඳහා වැය කර ඇතැයි වාර්තාවේ.

ලංකා පොස්ට්පේට් සමාගම මගින් පසුගිය කාල සීමාව තුළ රොක් පෝස්පේට් මෙට්‍රික් ටොන් තිස්දහසක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන් රජයට මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධව මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ වැඩ බලන අධ්‍යක්ෂ සුජීව විජේසේන මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

இன்றைய வானிலை…

Mohamed Dilsad

SLC security delegation to arrive in Pakistan on August 6

Mohamed Dilsad

දයාසිරිට එරෙහිව CEYPETCO නීති මගට

Mohamed Dilsad

Leave a Comment