Trending Newsඑසැන පුවත්දේශීය

දන්සල් සංවිධායකයින්ට විශේෂ දැනුම්දීමක්

වෙසක් දන්සල් මැයි මස 09ට පෙර ලියා පදිංචි කළයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙයි. ඵහි ලේකම් චමිල් මුතුකුඩ මහතා බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන සියලුම දන්සල් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියා පදංචි කිරීමට පියවර ගන්නැයි පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.

දන්සල් පැවැත්වෙන කාල සීමාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තුන් දහසක් දන්සල්, ආහාර අලෙවිසල්, හෝටල්, ජංගම ආහාර අලවිසල් පරීක්ෂා කිරීමට යොදවන බව ලේකම්වරයා පැවැසීය.

දන්සල් ලියාපදිංචි කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී උපදෙස් ලබාගන්නා ලෙස පැවැසූ චමිල් මුතුකුඩ මහතා විසින් ආහාර, ජලය මගින් පැතිරී යන බෝවන රෝග වැළැක්වීම සඳහා දන්සල් පරිත්‍යාගශීලීන් සහ සෙසු ආහාර අලෙවි කරන්නන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද සඳහන් කරන ලදී.

Related posts

උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාව

Mohamed Dilsad

ශ්‍රීලනිප 74 වැනි සංවත්සරය පැවැත්වීමට වත්මන් පාර්ශ්වයට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැහැ – දයාසිරි ජය⁣සේකර

Editor O

Three suspects arrested for stealing iron from Hambantota Harbour

Mohamed Dilsad

Leave a Comment