Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රසන්න රණවීරගේ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය නිශ්ප්‍රභ කරයි

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ වන විට මහර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Related posts

Fonseka to be appointed as Internal Affairs Minister?

Mohamed Dilsad

Health authorities issue influenza ‘B’ warning

Mohamed Dilsad

පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා

Mohamed Dilsad

Leave a Comment