Trending Newsඑසැන පුවත්දේශීය

වතු ජනතාවගේ ගැටළුවලට විසඳුම් දීමට සැබෑ වුවමනාවක් තිබෙන්නේ ලංකා කම්කරු කොංග්‍රසයට පමණයි. – පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන්

වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දිමේ සැබෑ වුවමනාව ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයට පමණක් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා පැවසීය.

ජීවන් තොන්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ කොටගල ප්‍රාදේශිය සභාවට ලංකා කම්කරු කොංග්‍රසයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සඳහා  කොටගල ග්‍රේටන් වත්තේ පැවති රැස්වීමේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ජීවන් තොන්ඩමන් මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ පාලකයන් විසින්, වතුකම්කරුවන්ට ඉඩම් අයිතිය ලබා දීමට පියවර ගන්නා බවට කිසිදු විශ්වාසයක් නැති බවත්, වතුකම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් නිසා අනෙකුත් ජනතාවට මෙන්ම වතුකම්කරුවන්ද අයිතිවාසිකම් දිනාගැනීමට පෙළ ගැසිය යුතු බවයි. වතුකරයේ ජනතාවගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීමට සැබෑ වුවමනාව තිබෙන්නේ ලංකා කම්කරු කොංග්‍රසයට පමණක් බවද හෙතෙම කීවේය.

Related posts

Thirty-one suspects including ‘Makandure Madush’, Amal and Nadeemal remanded

Mohamed Dilsad

பாகிஸ்தானியர்கள் காஷ்மீர் செல்ல வேண்டாம் –  பிரதமர் இம்ரான்

Mohamed Dilsad

ඩොලර් බැඳුම්කර විකුණා ණය ගන්න කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment