Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඩොලරය ඉහළ යෑම සමග ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණයත් ඉහළට

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය දිගින් දිගටම ඉහළ යමින් රුපියල බාල්දු වීම නිසා ආනයනික භාණ්ඩ මිල ඉහළ යාම සහ විදේශ ණය වර්ධනය වීමේ ප්‍රවණතාවක් හටගෙන ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 2025 ජනවාරි 1 වැනිදා වන විට ඩොලරයක ගැනුම් මිල වශයෙන් සටහන් වූයේ රුපියල් 289/- කි. 

එදින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 297/- කි. එහෙත් ඉන් මාස හතරක් ඇවෑමෙන් මෙම මස 23 වැනිදා වන විට ඩොලරයක ගැනුම් මිල රුපියල් 295/- ක් බවට පත් විය.  එදින විකුණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 304/- කි. මාස හතරක් තුළ රුපියල් පහකින් පමණ රුපියල අවප්‍රමාණය වී තිබේ.

මෙහි අහිතකර බලපෑම වැඩිපුර එල්ල වන්නේ අපේ විදේශීය ණය කෙරෙහිය. රුපියල බාල්දු වීමත් සමඟ ඊට සාපේක්ෂව විදේශීය ණය ප්‍රමාණය ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් පීඩාවට පත් කරයි. 

එසේම රත්රන් ඇතුළු බොහෝ වටිනා ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ නගියි. වාර්තා වන ආකාරයට දැනට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 35 ක් පමණය. 

දැනට සිදුවන අවප්‍රමාණයේ හැටියට ඩොලරය රුපියලකින් අවප්‍රමාණය වන විට විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 35කින් ඉහළ නගින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි බදු ප්‍රතිපත්තිය ලිහිල්නො කළහොත් මෙම තත්ත්වය තවත් බරපතළ වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(දේශය)

Related posts

Somali pirates suspected of first ship hijacking since 2012

Mohamed Dilsad

අද සිට අයවැයෙන් අනුමතව ක්‍රියාත්මක සහන ණය

Mohamed Dilsad

UN Special Rapporteur to arrive in SL today

Mohamed Dilsad

Leave a Comment