Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති නලින්ද ජයතිස්සට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිත තරග විභාගයට අනිවාර්යයෙන් පෙනී සිටින ලෙස සම සෞඛ්‍ය උපාධිධාරී සිසුන්ගේ නිවෙස්වලට ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් දුරකතන ඇමතුම් ලබාදීමේ සිදුවීමක් මත මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

මෙම බඳවා ගැනීම සඳහා තරග විභාගයක් පැවැත්වීමට රජය තීරණය කර තිබූ අතර ඊට සම සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් සහ සම සෞඛ්‍ය උපාධිධාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙයි.

27 වැනිදා තරග විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති එම විභාගයට පෙනී සිටින ලෙස දන්වමින් අදාළ ශිෂ්‍යයින්ගේ නිවෙස් වෙත ජාතික ජනබලවේගයෙන් ඉදිරි පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයින් ඇතුළු නියෝජිතයින් විසින් දුරකතන ඇමතුම් ලබාදී ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හඬ පට සාක්‍ෂි ඉදිරිපත් කරමින් පවසයි.

සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම දැනුම් දීම කරන ලෙස දැනුම් දුන් බවට එම අපේක්‍ෂකයන් විසින් රැකියා අපේක්‍ෂකයන්ට දන්වා ඇති බවට එම හඬ පටවල කියැවෙයි.

Related posts

අධ්‍යාපනය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යය සාධක බලකායක්

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක්

Mohamed Dilsad

අභිරහස් මරණයක් – දුම්රිය නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment