Trending Newsඑසැන පුවත්දේශීය

පාප් වහන්සේගේ අවසන් කටයුතු අද

ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව ඇත. මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ. අවමංගල්‍ය දේව මෙහෙය කාදිනල් විද්‍යාලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ විසින් පවත්වනු ලැබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට හිටපු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළුව රටවල් රැසක රාජ්‍ය නායකයින්, නියෝජිතයන් ඇතුළු ලක්ෂ 2කට අධික පිරිසක් අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට නියමිත බව වාර්තා වේ.

මේ වනවිට ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට පසුගිය දිනවල රාත්‍රිය පුරා අවස්තාව සලසා දී තිබූ අතර, එය එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8ට අවසන් විය. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව උන්වහන්සේගේ දේහය මිහිදන් කිරීම සිදුවන්නේ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කාවින්ද ජයවර්ධන හා හෙක්ටර් අප්පුහාමි මහත්වරුද වතිකානය බලා පිටව ගොස් ඇත.

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදුකෙරෙන අද දිනය  ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් ඊට අදාල චක්‍රලේඛය නිකුත් කර ඇත.

ඒ අනුව අප්‍රේල් අද දිනයේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹුකර තැබීමට කටයුතු කරන ලෙස අදාළ චක්‍රලේඛයෙන් දැනුම්දී ඇත

Related posts

ஹெலிகாப்டர் விபத்து -நேபாள் சுற்றுலா துறை அமைச்சர் உயிரிழப்பு

Mohamed Dilsad

Mainly fair weather will prevail elsewhere

Mohamed Dilsad

யாழ்பாணம் மாவட்டம் – நல்லூர் தொகுதி 

Mohamed Dilsad

Leave a Comment