Trending Newsඑසැන පුවත්දේශීය

දළදා වන්දනාවට අලුතින් සැදැහැවතුන් එකතු කරන්නේ නැහැ : එන්න එපා – පොලීසියෙන් රටට ම දැනුම්දීමක්

සිරි දළදා වන්දනාව සඳහා කිසිදු හේතුවක් මත අලුතින් සැදැහැවතුන් එක්කර නොගන්නා බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ප්‍රමාණය ඉහළ යෑමත් සමග ඊයේ දිනයේ සිට මේ සඳහා එක් නොවන ලෙස දළදා වන්දනා කමිටුව දැනුම් දුන්නේය.

කෙසේවෙතත් දැනට පෝලිම්වල සිටින සැදැහැවතුන් සඳහා වන්දනා මාන කිරීමට අවස්ථාව සලසාදීමට තීරණය කර ඇති අතර ලක්ෂ 4ක පමණ සැදැහැවතුන් සංඛ්‍යාවක් එලෙස පෝලිම්වල රැඳීසිටින බව පොලීසිය සඳහන් කළේය. මේ වනවිට පෝලිම්වල රැඳීසිටින පිරිස් සිරි දළදා වන්දනාව අවසන් කරනවිට 27 වන ඉරුදින පස්වරුව වනු ඇති බවට පොලීසිය අනුමාන කර තිබේ.

මෙම තත්ත්වය තුළ සැදැහැවතුන් සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට නොපැමිණෙන ලෙසද පොලීසිය ඉල්ලීමක් කර ඇත. යම් හෙයකින් වන්දනා මාන කිරීමට ඉඩ ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් හෙට (26) පස්වරුවේ හෝ 27 උදෑසන දැනුම්දෙන බවද පොලීසිය සඳහන් කළේය. මේ අතර සිරි දළදා වන්දනාව අද (25) 8 වන දිනටත් පෙරවරු 11ට ආරම්භ කෙරුණි.

Related posts

Prince Andrew must testify says Epstein accusers’ lawyer

Mohamed Dilsad

கற்பித்த ஆசிரியையை விமானத்தில் அழைத்துச் சென்று கௌரவித்த விமானி

Mohamed Dilsad

ගෑස් 3,600 ක් රැගත් නෞකාවක් මෙරටට

Mohamed Dilsad

Leave a Comment