Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන් චාමර සම්පත්ට වෙන්න යන දේ

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරමින් ඇති විමර්ශනය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත පසුගියදා දුන් ප්‍රකාශය හේතුවෙන් නතර වී තිබෙන බව සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක මහතා කටයුතු කළ අවස්ථාවේදී පළාත් සභාව රාජ්‍ය බැංකුවක පවත්වා ගෙන ගිය ස්ථාවර තැන්පතු කීපයක මුදල් කල් පිරීමට මත්තෙන් ලබාගෙන රජයට මිලියන 17.3 ක් මුදලක් අහිමි කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් රක්‍ෂිත බන්ධනාගාරගත කළේය.

නමුත් එම ප්‍රශ්නගත සිදුවීම තමන් අග්‍රාමාත්‍ය ධුරය දරන අවස්ථාවේ සිදු වූවක් බවත් චාමර සම්පත් දසනායක මහතා විසින් ඊට අදාළ මුදල් ලබා ගනු ලැබුවේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුමැතිය ඇතිව භාණ්ඩාගාර ලේකම් විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් දෙමින් පැවැසුවේය.

පළාත් සභා අරමුදල් ස්ථාවර තැන්පතු ගිණුම් වල තැන්පත් කළ නොහැකි බවත් රජයේ අරමුදල් සහ අනෙකුත් වෙන් කරන ලද අරමුදල් දෙකම එකම වසර තුළ වියදම් කළ යුතු බවත් එම චක්‍රලේඛයේ සටහන් විය.

එසේ සිදු නොකළහොත් එම අරමුදල් මුදල් අමාත්‍යාංශයට හෝ අදාළ පළාත් සභා අමාත්‍යාංශයට හෝ ආපසු යැවිය යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් බව වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

වහාම ක්‍රියාත්මක වෙමින් ඒ පිළිබඳ පසුගිය 17 වැනිදා ප්‍රකාශයක් ලබා දෙන ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම දී තිබුණත් එදිනට ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිය නොහැකි බව වික්‍රමසිංහ මහතා පෙරළා දැනුම් දී තිබිණ.

කෙසේ නමුත් එම ප්‍රකාශය ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වෙනත් දිනයක් අල්ලස් කොමිසමෙන් ලබා දීමට නියමිතය.

Related posts

මෙරට කොරෝනා අසාධිතයින් ගණන 109 දක්වා ඉහළට

Mohamed Dilsad

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පොළි අනුපාතය පහතට

Mohamed Dilsad

China insists aid to Sri Lanka has never been attached to politics

Mohamed Dilsad

Leave a Comment