Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ ගත වූ කාලය තුළ මාරක රිය අනතුරුවලින් 713ක් මියගිහින්

මාරක රිය අනතුරු 685 කින් මෙම වසරේ ගතවූ කාලය තුළ 713 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරු 31 ක අඩුවීමක් ඇතැයි සඳහන්.

ඒ අනුව ගිය වසරේ රිය අනතුරු 713කින් 744 දෙනෙකු මියගොස් තිබිණ. මේ අතර උත්සව සමයේ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 105 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සදහන් කරයි. ඔවුන් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 103 කින්. පොලීසිය පැවසුවේ එම කාලය තුළ රිය අනතුරු 934 සිදුව ඇති බවයි.

පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව මේ වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 23 ක අඩුවීමක් වාර්තා වී ඇත. ඒ අනුව ගිය වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 126 කින් 128 දෙනෙකු මියගොස් තිබිණ.

Related posts

Djokovic to test fitness but Nishikori out of Australian Open

Mohamed Dilsad

ஆடை விற்பனை நிலையம் ஒன்றில் தீ பரவல்

Mohamed Dilsad

2018 ආසියානු දැල් පන්දු ශූරතාවය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment