Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරන මාලිමාව ගැන, රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගෙන් පැමිණිල්ලක්

පළාත් පාලන අරමුදල් පිළිබඳ ජාතික ජන බලවේගය විසින් බෙදා හැර ඇති අත් පත්‍රිකාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් මැතිවරණ කොමිෂම, මාතලේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි වෙත පැමිණිල්ලක් කර තිබේ.

එම පැමිණිල්ල පහත සඳහන්.

ලේකම් /මැ.කො.ස., මගින් සභාපති සහ කොමිෂන් සභා සාමාජිකයින් වෙත,
සහ ජාතික මැතිවරණ පැමිණිලි ඒකකය/මාතලේ මැතිවරණ පැමිණිලි ඒකකය.

මාතලේ බෙදාහැර ඇති ජාජබ අත් පත්‍රිකාව සම්බන්ධයෙන් පැමිණිල්ලයි.

මේ සමඟ අමුණා ඇති අත් පත්‍රිකාව මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශ රැසක බෙදාහැර ඇත. එහි මෙසේ දැක්වේ. ‘ප්‍රාදේශීය සභාවට ප්‍රතිපාදන ලැබෙන්නේ පවතින රජයෙනි. ප්‍රාදේශීය සභාවේ වෙනත් පක්ෂයක් බලයට පත් වුවහොත් ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම රජය අතර පවතින සම්බන්දතාවය බිඳවැටී නිසි ආකාරයෙන් ප්‍රතිඑල ලබාගත හැකිද?’

ගරු ජනාධිපතිතුමා ද පළත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක මෙයට සමාන අදහසක් ඇති ප්‍රකාශයක් කර තිබුණි.මාතලේ දිස්ත්‍රික්කයේ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයකට අය වැය මගින් මුදල් වෙන්කර නැත. නමුත් පළාත් පාලන ආයතනයන් හි මුදල් මධ්‍ය රජය විසින් රැස් කරනු ලබයි.

පනත මගින් පළාත් පාලන ආයතන වෙත හිමිවන මුදල් පිළිබඳ ප්‍රතිපාදන නීතිගත කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය මගින් ද පළාත් පාලන අරමුදල් පිළිබඳ නිරවුල් ලෙස දක්වා ඇත. මහ නගර සභා ආඥා පනතේ දෙවන උපලේඛණය, නගර සභා ආඥා පනතේ පස්වන උපලේඛණය , ප්‍රාදේශීය සභා පනතේ පළමු හා දෙවන උපලේඛණවල නීතිගත කර ඇති අරමුදල්/බදු/මුද්දර ගාස්තු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලයක් විධායකයකට හෝ වෙනත් පාර්ශ්වයකට නැත.

මෙය ඡන්දදායකයාගේ ඡන්ද අයිතියට ලැජ්ජා සහගත ලෙස බලපෑම් කිරීමකි. තම දේශපාලන පකෂය හැර වෙනත් කණ්ඩායමකට පලාත් පාලන ආයතනයක් පවත්වාගැනීමට හෝ නොදී මුදල් අවහිර කිරීම ශිෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවේ.

මුද්‍රණකරුගේ සහ ප්‍රකාශකයාගේ (මුද්‍රණාලය) නම, ලිපිනය නොමැතිව අත් පත්‍රිකා බෙදාහැරීම ද මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමකි. එය 1885 අංක 1 දරණ මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයින් පිළිබඳ පනත උල්ලංඝනය කිරීමකි.

උක්ත කරුණ සම්බන්ධයෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් ඊයේ නිකුත් කළ නිවේදනය දැක මා පුදුමයටත්, කළකිරීමටත් පත් වුණෙමි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත පවතින වගකීම මාතලේ දිස්ත්‍රික්කය තුළ තවදුරටත් පැහැර නොහරිනු ඇතැයි මම අපේකෂා කරමි.

ඉහත නොමග යවන සුලු අත් පත්‍රිකාව මාතලේ දිස්ත්‍රික්කය බෙදාහැරීම වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස කාරුණිකව ඉල්ලමි. මෙම අත් පත්‍රිකා මේ වන විට මාතලේ ජවිපෙ ප්‍රධාන කාර්යාලය, ජාජාබ ආසන කාර්යාල, ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් පිහිටුවා ඇති කාර්යාලවල ත්, අපේකෂකයින්ගේ සහ ඔවුන්ගේ ගෙන් ගෙට යන ආධාරකරුවන්ගේ සන්තකයේත් පවතින බව පැමිණිලි කරමි.

Related posts

Air strikes target Yemen’s Houthis at Sanaa International Airport

Mohamed Dilsad

எட்டாவது பாராளுமன்றத்தின் இரண்டாவது அமர்வு சற்று முன்னர் ஆரம்பம்…(நேரலை)

Mohamed Dilsad

“India can use MRIA only for commercial operations, no military allowed” – Aviation Minister

Mohamed Dilsad

Leave a Comment