Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් ග්‍රහලෝකයක් …?

මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයාගෙන ඇතැයි වාර්තාවේ. ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට පවසන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය කණ්ඩායම එය නම් කර ඇත්තේ K2-18b ලෙසයි.

මෙම ග්‍රහයා සොයාගෙන තිබුණේ මෑතකදී ස්ථාපනය කෙරුණු ජේම්ස් වෙබ් දුරේක්ෂය මඟින්. ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් දෙක හමාර ගුණයක් තරම් වන K2-18b ග්‍රහයා පෘථිවියෙන් සැතපුම් ට්‍රිලියන 700ක් දුරින් පිහිටා වෙනත් මන්දාකිනියක සූර්යයෙක් වටා පරිභ්‍රමණය වෙමින් පවතී.

සාගර ශාක ප්ලවාංග සහ බැක්ටීරියා ශ්වසනයේදී නිපදවෙන වායූන් වන ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් අණු එම ග්‍රහයා වටා පිහිටි වායුගෝලයේ පවතින බැවින් එය සුබවාදී ලක්ෂණයක් බව විද්‍යාඥයින් පවසයි.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයි.

Editor O

ගාලු කුමාරි ගිංතොටදී පිළි පනී ; දුම්රිය මාර්ගය ට දැඩි හානි

Editor O

Saudi and Sri Lanka enter an agreement to expedite blood money claims

Mohamed Dilsad

Leave a Comment