Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

ගෝලීය කම්පනයන්ට ශ්‍රී ලංකාවට මුහුණ දිය හැකි ද….? – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අදහස් දක්වති.

ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තව කාලය අවශ්‍යය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපාජියෝරිජියෝ මහතා ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සිය ශ්‍රී ලංකා සංචාරය නිමාකරමින් මේ බව පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා මෙම කණ්ඩායම ඉකුත් 3වනදා සිට මෙරට සංචාරයක නිරත විය.

ඒ අනුව සිය දූත මෙහෙය අවසන් කරමින් නියෝජිත කණ්ඩායම මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියේ, මෑත කාලීන බාහිර කම්පනයන් සහ දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ගෝලීය අවිනිශ්චිතතාවයන් හමුවේ තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවිනිශ්චිතතාවක් ඇති කරමින් පවතින බවයි.

එසේම ගෝලීය කම්පනයේ බලපෑම තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ඇගයීමට තවදුරටත් කාලයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික වර්ධනයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විසින් සහාය දක්වන ලද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය හරහා අඛණ්ඩව ප්‍රශංසනීය ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකිවී ඇති බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයෙන් පසු 2024 දී 5%ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට සමත්වීම වඩා වැදගත් සිදුවීමක් බව ඔවුන් මෙහිදී පෙන්වා දෙයි.

එසේම මෑත කාලීනව උද්ධමනය -2.6% දක්වා පහත වැටීම, ශ්‍රී ලංකා මහ බැංකුව සැලකිය යුතු විදේශ විනිමය මිලදී ගැනීම් සමග 2025 මාර්තු අග වනවිට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ ගොස් තිබීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුම හිමිව තිබේ.

එසේම ඔවුන් පවසන්නේ සැලකිය යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ මගින් රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවයි.

Related posts

සුවය ලැබූ නාවික හමුදා පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

බේකරි නිෂ්පාදන වල මිල අද සිට වැඩී

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment