Trending Newsඑසැන පුවත්දේශීය

ඩොලර් මිලියන 20ක්වූ විදේශ සංචිතය, ආණ්ඩුව බාර අරගෙන, මාස 04 දින 14 න්, ඩොලර් මිලියන 6,190ක් කළ හැටි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ගාල්ලේදී කියයි.

තම ආණ්ඩුව බලයට පැමිණෙද්දී මහා භාණ්ඩාගාරය සතුව ඇමරිකානු ඩොලර් මිලියන 20 ක්වත් නොතිබුණු බවත් ගතවූ මාස හතර තුළ සංචිත ඩොලර් මිලියන 6,190ක් දක්වා ඉහළ නැංවීමට තම ආණ්ඩුවට හැකිවුණු බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. ඊයේ (07) ගාල්ලේදී පැවති මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් අමතමින්, හෙතෙම ඒ් බව කීවේය.

හෙතෙම මෙසේ ද කීවේය. “සමහර කට්ටියට දැන් තදියම් වෙලා තියෙනවා. ආණ්ඩුව හැදුවෙ නොවැම්බර් 21, අදට මාස 4යි දින 14යි. හැබැයි අපට සතුටු වෙන්න පුළුවන් ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකරපු දැවැන්ත අඩි තියලා හොඳ ගමනක් අපි ආරම්භ කරලා තියෙනවා මේ මාස හතරට විතරක්. අපි එනකොට භාණ්ඩාගාරයේ සංචිත ඩොලර් මිලියන 20ක් නැතිව තිබුණේ. දැන් අම්මාපල්ලා තියෙනවා ඩොලර් මිලියන 6190 ක්. ගහපු අප්පුඩිය නම් සැර මදි වගේ. ඩොලර් මිලියන 20ක් නැති තැනක 6,190ක් ගත්තට පස්සෙ නිකම් උළු කැට දෙකක් තුනක් පහළට වැටෙන්න ගහන්න එපැයි හත් ඉලව්වේ ගාල්ලෙ අපි අප්පුඩියක්”

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කළ එම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් වන අතර ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ 2024 නොවැම්බර් මාසය වෙද්දීත් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,472 ක්ව පැවතිණි.

මූලාශ්‍රය පහතින්

Related posts

வீட்டிற்குள் நுழைந்த வாள்வெட்டுக் குழு- சினிமா பாணி-(VIDEO)

Mohamed Dilsad

தீர்வின்றி தொடரும் போராட்டங்கள்

Mohamed Dilsad

Kim Ji-young, Born 1982: Feminist film reignites social tensions in Korea

Mohamed Dilsad

Leave a Comment