Trending Newsඑසැන පුවත්දේශීය

නීතිවිරෝධීව උපයාගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව අද (08) උදෑසසන රැස්වීමට රැස්වී තිබේ. ඒ අනුව, අද දිනයේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත ප්‍රකාරව විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතපල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට වූ යෝජනා සම්මතය පිළිබඳ දැනුම්දීමට නියමිතව තිබේ.

එමෙන්ම එය විවාදයකින් තොරව සම්මත කිරීමට ද නියමිතව ඇති අතර යෝජනා සම්මතය පිළිබද ඡන්ද විමසීමක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මේ අතර නීතිවිරෝධීව උපයාගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මීට අමතරව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකිරීමට නියමිතව ඇති අතර අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධිවිධාන පනත යටතේ නියමය අනුමත කිරීමට නියමිතයි. හෙට (09) දිනයේ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකිරීමට නියමිතව ඇති බව සඳහන් වනවා.

පසුගිය මාර්තු මස 14 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද “බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත බව ද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා.

Related posts

South Africa beat Sri Lanka in third ODI to clinch series

Mohamed Dilsad

Sudan crackdown death toll rises to 60

Mohamed Dilsad

‘ඉදිරි මාස 6ක කාලය ඉතා දුෂ්කරයි’ – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment