Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ඉරිදා දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

පාස්කු මංගල්‍යය නිමිත්තෙන් අප්‍රේල් 20 වෙනිදා, සියලු කිතුනු දෙව්මැඳුරුවලට පොලිස් රැකවරණ යොදවන බවත් දුක් ප්‍රාප්තිය සමරන මෙම චතාරික සමයේදීත් එම රැකවරණය ලබාදීම පිළිබඳව ක්‍රියාකරගෙන යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

මේ හැර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට මෙන්ම කොළඹ අගරදගුරු මැඳුරට ද ආරක්ෂාව ලබාදෙනු ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී වසර හයක් ගතවෙන මොහොතේ එම ප්‍රහාරයෙන් ජීවතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ද එම දෙව් මැඳුරුවල විශේෂ යැදුම් සිදුකෙරේ.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි සිදු වූ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරට මෙන්ම මඩකළපුවේ පිහිටි දෙව්මැඳුරට ද විශේෂ රැකවරණයක් යොදවනු ඇත.

(දිවයින)

Related posts

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් අධිකරණයෙන් වරදකරු කරයි : වන්දි ගෙවන්නත් වෙයි

Editor O

கல்வியியல் கல்லூரிகளுக்கு தபால் மூலம் விண்ணப்பிப்பதற்கு வாய்ப்பு

Mohamed Dilsad

එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment