Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඇමෙරිකාවේ බද්දෙන්, ශ්‍රී ලංකාවේ ඇඟළුම් සහ රබර් කර්මාන්තය අවධානමේ – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්යය ඩබ්.ඒ. විජේවර්ධන

ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා මෙතෙක් අයකළ 12%ක තීරුබදු ප්‍රතිශතය 44%ක් දක්වා ඉහළ නැංවූ පසු ලංකාවේ නිෂ්පාදන සඳහා තව දුරටත් ඇමරිකාව තුළ තරග කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන පවසයි.

මේ සමග ඩොලර් මිලියන 2000ක් පමණ වන ශ්‍රී ලංකාවේ ඇඟළුම් සහ ඩොලර් මිලියන 500ක් පමණ වන රබර් නිෂ්පාදන සඳහා ඇමරිකානු වෙළඳපොළ තුළ තව දුරටත් තරග කළ නොහැකි වනු ඇතැයිද ඔහු අවධාරණය කරයි. ආචාර්‍ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා එම අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සාකච්ජාවකදීය.

මෙය ලංකාවේ ඇඟළුම් සහ රබර් ඇතුළු විශාල වශයෙන් ඇමරිකාවට අපනයනය කරන නිෂ්පාදන කර්මාන්ත සඳහා විශාල පහරක් වනු ඇති බවත් රජයට එම කර්මාන්ත රැකගැනීමට විශේෂ සහන දීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් පවසයි.

එසේම  මිනිස් ශ්‍රමය වෙනුවට නව තාක්ෂණය යොදා ගෙන සිය රටේ දීම ඇඟළුම් නිෂ්පාදනයට ඇමරිකාව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය .

Related posts

Pakistan’s trade with Sri Lanka comes to a halt

Mohamed Dilsad

කුකුල් මස් සඳහා පාලන මිලක්

Mohamed Dilsad

இயற்கை அனர்த்தம் – புதிய அடையாள அட்டை வழங்க நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment