Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුවකට, මැතිවරණ කොමිෂන් සභාවෙන් වාරණයක්

සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට ආණ්ඩුව ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ඒ අනුව එම කාලීන ආහාර පැකේජය පළාත් පාලන ජන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇත.

මෙවර අයවැය යෝජනාවකට අනුව මෙම ආහාර පැකේජය අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් අටලක්ෂ 12,753ක් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහා ලබාදීමට නියමිතව තිබුණි. රුපියල් 5,000ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුපියල් 2,500ක සහන මිලකට ලබදීමට තීරණය වී තිබුණි.

මෙම කාලීන ආහාර පැකේජය සඳහා පසුගියදා කැබිනට අනුමැතිය හිමි වූ අතර, අප්‍රේල් 1වනදා සිට 13වනදා දක්වා ලංකා සතොස සහ කෝප් අලෙවිසැල් හරහා බෙදාහැරීමට සැලසුම් කර තිබුණි.

Related posts

பாதீட்டின் குழு நிலை விவாதத்தின் மூன்றாம் நாள் இன்று

Mohamed Dilsad

woman mauled to death by her dogs

Mohamed Dilsad

විපක්ෂය එකතුවෙලා නොවැම්බර් 11 කරන වැඩේ….!

Editor O

Leave a Comment