Trending Newsඑසැන පුවත්දේශීය

සෙව්වන්දි වගේ කෙනෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අනුරාධපුර නගරයේ හෝටලයක සිටින බවට ලද තොරතුරක් මත ඊයේ (01) වැටලීමක් සිදුකර තිබේ. එහිදී ඇයගේ රුවට බෙහෙවින් සමාන කාන්තාවක් තවත් පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්ද සොයාගත් බවයි, පොලිසිය සදහන් කළේ.

කෙසේ වෙතත් ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි මේ වනතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැහැ.

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය පැවසීය.

Related posts

අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් මුදල් කප්පාදුවක් නෑ- අගමැති කියයි

Mohamed Dilsad

Dayasiri says SLFP will not nominate Welgama as Presidential candidate

Mohamed Dilsad

පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි

Mohamed Dilsad

Leave a Comment