Trending Newsඑසැන පුවත්දේශීය

බස් ගාස්තු වැඩි කරන්න වෙනවා – ගැමුණු විජේසූරිය

මෙවර මාසික ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල පහළ යාමක් බලාපොරොත්තු වුවද එය සිදු නොවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ගැමුණු විජේසූරිය මහතා සඳහන් කර පවසන්නේ ඒ අනුව එළැඹෙන බස් ගාස්තු සංශෝධනයේදී අනිවාර්යෙන්ම බස් ගාස්තු වැඩි කිරීම සිදුවනු ඇති බවය.

දැනටමත් බස් රථ සඳහා රුපියල් තුනක පාඩුවක් ලබමින් ධාවනය කරන බවද ඊට අමතරව රජය විසින් පනවා ඇති නව බදු අනුපාතයන් යටතේ බස් රථවල මිලද ඉහළ ගොස් ඇති බවත් වැට් බදු ද බස් රථ සඳහා එකතු කර ඇති බවත් ඒ අනුවද බස් ගාස්තු වැඩි කිරීමක් අනිවාර්යෙන්ම සිදු කළ යුතු ඇති බවත් කියා සිටියේය. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

பாணின் விலை குறைப்பு

Mohamed Dilsad

சவுதி அரேபிய தூதரகத்தில் துருக்கி பொலிஸார் தீவிர சோதனை

Mohamed Dilsad

US and EU deal to avoid trade clash

Mohamed Dilsad

Leave a Comment