Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

දේපළ බද්දට හෝ කුලීයට දීමේ මුද්දර ගාස්තුව දෙගුණයක් කරයි.

දේපළ බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු ඉහළ දැමීම බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

යම් දේපොළක් බද්දට හෝ කුලියට දීමේ දී කල් බදු ගිවිසුම හෝ කුලී ගිවිසුම සඳහා අදාළ මුළු කාලපරිච්ඡේදය සඳහා අධි මිල ද ඇතුළුව එකතු කල් බද්ද හෝ කුලිය සෑම රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා රුපියල් 10ක මුද්දර ගාස්තුවක් අයකිරීම මේ වනවිට සිදුවෙයි.

අදාළ මුද්දර ගාස්තුව අප්‍රේල් මස 01 වන දින රුපියල් 20 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. ඊට අදාළ ගැසට් නිවේදනය ද මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා විසින් මේ වනවිට නිකුත් කර තිබේ.

2006 වර්ෂයෙන් පසුව මෙම මුද්දර ගාස්තුව සංශෝධනය වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. කෙසේවෙතත් පාරිභෝගික ණය පනතේ එළැඹ ඇති සින්නක්කර ගිවිසුමක් යටතේ ගෙවිය යුතු මුළු වටිනාකමෙහි සෑම රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා අය කරනු ලබන මුද්දර ගාස්තුව සංශෝධනය නොවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව රුපියල් දහයක් වන අදාළ මුද්දර ගාස්තුව අඛණ්ඩව ක්‍රියාත්මක බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Minister Bathiudeen pledges support to President’s fight against drug trafficking in Sri Lanka

Mohamed Dilsad

නිමල් සිරිපාල නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපීම වළකා වාරණයක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment