දේශීය

නිමල් සිරිපාල නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපීම වළකා වාරණයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය පෙරදැරිව අද දින නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊට එරෙහිව එම තීරණය අත්හිටුවන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මගින් පෙත්සමක් ඉදිරිපත් කළේය.

එම පෙත්සමෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් අද නිකුත් කළේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය පෙත්සම මගින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හෝ මහලේකම්ට හෝ මධ්‍යම කාරක සභාවට පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව තමාව පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට බලයක් නොමැති බවයි.

ඒ අනුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගත් එකී තීරණය අත්හිටුවමින් වාරණ නියෝගයක් අද නිකුත් කළේය.

Related posts

පාරිභෝගිකයන් සියයට 70%ක ට විදුලිය සපයන්නේ පාඩු ලබමින් – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

Editor O

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

Leave a Comment