Trending Newsඑසැන පුවත්දේශීය

බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ට වෛද්‍ය උපදෙස් මත මෙට්ටයක් දෙයි

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට මෙට්ටයක් ලබා දීම යෝග්‍ය බවට බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

පසුගියදා මන්ත්‍රීවරයා එම බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රැඳවීමෙන් අනතුරුව වෛද්‍යවරයෙකු විසින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පරික්‍ෂා කර තිබෙන බවත්,ඒ අනුව මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවුනද ඔහු බන්ධනාගාර රෝහලට මාරු කිරීමට තරම් අසනීප තත්ත්වයක් නොමැති බවට අදාළ වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවයි වාර්තා වේ.

කෙසේවෙතත් ඔහුට පවතින අසනීප තත්ත්වය හේතුවෙන් මෙට්ටයක් ලබා දිය යුතු බවට නිර්දේශ කර තිබෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඉකුත් දා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව වෙනත් රැඳවියන්ට ලබාදෙන පහසුකම් එලෙසම මන්ත්‍රීවරයාටද ලබා දුන් බවද බන්ධනාගාර ආරංචි පැවසුවේය.   ඒ අනුව කොට්ටයක්, පැදුරක්, පිඟානක් සහ කෝප්පයක් මන්ත්‍රීවරයාට ලබා දී ඇත. 

බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ, තමන්ට පිටතින් රැගෙන එන ආහාරපාන ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පසුගියදා ඉල්ලීමක්ද කළ බවයි .   

Related posts

வெள்ளை வேன் கடத்தலுடன் தொடர்புடைய திடுக்கிடும் தகவல்கள் அம்பலம் [VIDEO]

Mohamed Dilsad

Mathews to miss first game due to injury

Mohamed Dilsad

Qatar World Cup 2022: ‘Book Flights Two Years Ahead,’ Urges Airline Boss

Mohamed Dilsad

Leave a Comment