Trending Newsඑසැන පුවත්දේශීය

මාධ්‍ය ආයතන හැසිරිය යුත්තේ ජවිපෙ පැලවත්ත කාර්යාලයේ නියෝග අනුවද… ? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.

මාධ්‍ය හැසිරිය යුත්තේ ද ජනතා විමුක්ති පෙරමුණ සහ පැලවත්ත පක්ෂ කාර්යාලයේ නියෝග අනුව දැය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.

ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කිරීමට, ජනප්‍රිය කිරීමට මාධ්‍ය දැවැන්ත කාර්ය භාරයක් කළද ඔවුන් විපක්ෂයේ සිටින විට මාධ්‍ය සම්බන්ධයෙන් දැරූ ආකල්පයට වඩා ආණ්ඩු බලය ගත් විට මාධ්‍ය කෙරෙහි දක්වන ආකල්පය වෙනස් වී ඇති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

ඔවුන්ගේ නියෝග මත ක්‍රියා නොකරන මාධ්‍ය ජඩ මාධ්‍ය ලෙස හදුන්වමින් සිටින බවද විපක්ෂ නායකයා ප්‍රකාශ කරයි. සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මොරටුව කොට්ඨාසයේ පැවැති හමුවක් අමතමිනි. වත්මන් රජය නිදහස් මාධ්‍යයට අගෞරව කරමින් අපහාස කරන බවටයි විපක්ෂ නායකයා චෝදනා කරන්නේ.

මාධ්‍යයට රට වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන් කතා කරන්න අයිතියක් තිබෙන බවත් එය සාමාන්‍ය ජනතාවගේ ද අයිතියක් සහ යුතුකමක් බවත් රණවිරුවන් වෙනුවෙන් සාමාන්‍ය ජනතාව ද පෙනී සිටිය යුතු වුවත් සමහර අය රණවිරුවන්ට ජාත්‍යන්තර වශයෙන් හානිදායක තීන්දු තීරණ ගන්නා විට කිඹුල් කදුලු හෙලන බවද ප්‍රේමදාස මහතා පවසයි.

රණවිරුවන්ට විරුද්ධව සම්බාධක පනවන විට ඒ වෙනුවෙන් එදත් අදත් හඬ නැගුවේ සමගි ජන බලවේගය බවයි ඔහු සඳහන් කරන්නේ.

Related posts

ඊයේ මිය ගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ටත් කොරෝනා

Mohamed Dilsad

2019ம் ஆண்டு வரவு செலவு திட்டத்தின் மூன்றாம் வாசிப்பு மீதான வாக்கெடுப்பு இன்று

Mohamed Dilsad

ஜனவரி மாதம் 9 ஆம் திகதிக்கு பின்னர் ஜனாதிபதி தேர்தலை நடத்த முடியும்

Mohamed Dilsad

Leave a Comment