Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ ”එල් බෝඩ්” විදේශ ප්‍රතිපත්තියේ බැරෑරුම්කම ගැන හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

තමන් විදේශ අමාත්‍යවරයාව සිටි සමයේදීත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් නොයෙකුත් බාධා පැමිණි බවත්, ඒවාට උපායමාර්ගික ලෙස ශ්‍රී ලාංකිකභාවයෙන් යුතුව මුහුණ දුන් බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළුව පෙරට පුද්ගලයින් සිව්දෙනෙකු ඉලක්ක කර බ්‍රිතාන්‍ය රජය විසින් පැනවූ සම්බාධක සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු රවී කරුණානායක මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. රටක් වශයෙන් මේ මොහොතේ සුදුසු පරිදි ක්‍රියානොකළ හොත් පුද්ගලයින් කිහිපදෙනෙකුට පනවා ඇති සම්බාධක රටක් වෙත තල්ලුවීමේ හැකියාවක් පවතින බවත්, එසේ සිදුවුණොත් රටක් ලෙස සියලුදෙනා අසාධාරණයට ලක්වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එබැවින් රටක් වශයෙන් එක්ව සිට රාජ්‍ය තාන්ත්‍රිකව මෙම ගැටළුව විසඳා ගත යුතු බවත්, ආණ්ඩුව මේ මොහොතේ රට වෙනුවන් නිවැරදි පිළිතුරක් ලබාදිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

Related posts

ගෝඨාභය ජනාධිපති සමයේ ජාතික පාසල් ලෙස නම් කළ පාසල් 671ක් සාමාන්‍ය පාසල් බවට පහළ දමයි

Editor O

தற்கொலைக்கு முயன்றாரா மைக்கேல் ஜாக்சன் மகள்? இதுதான் காரணமா?

Mohamed Dilsad

பால்மா விலை அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment