Trending Newsඑසැන පුවත්දේශීය

මියන්මාරයේ භූ කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 150 ඉක්මවයි

මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රභල භූමිකම්පාවෙන් එරටේ මෙන්ම අසල්වැසි තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 150කට අධික බව වාර්තා වේ. විදෙස් වාර්තා සඳහන් කර සිටියේ පුද්ගලයින් 750කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි. කෙසේ නමුත් තවත් බොහෝ පිරිසක් තවමත් සුන්බුන් අතර සිරවී සිටින බව වාර්තා වේ.

මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12.50ට පමණ ඇති වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් යුතු විය. කෙසේ නමුත් එම භූමිකම්පාවෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයක් ද ඇතිවිය.

මෙම භූමිකාම්පාවල ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තය බැංකොක් නුවරට ද දැනී තිබුණි.  ඒ හේතුවෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවිය. ඒ අතර බැංකොක් නුවර සම්පූර්ණයෙන්ම කඩාවැටුණු මහල් ගොඩනැගිල්ලක් ද විය.

භූ කම්පනයෙන් පසු මැන්ඩලේ ගුවන් තොටුපොළේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තේය. එහෙත් තායිලන්තයේ ස්වර්ණ භූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණි.

භූමිකම්පාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නෙමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් 200 දෙනෙක් පමණ රැඳී සිටින අතර, බැංකොක් නුවර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැඳී සිටිනු ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

உயிரிழந்தவர்களின் எண்ணிக்கை 321 ஆக உயர்வு

Mohamed Dilsad

ඕනෑම කෙනෙකුට ඉල්ලීම් කල හැකියි – යුද හමුදාපතිවරයා

Mohamed Dilsad

Protest against MP Ranjan Ramanayake in Mahara

Mohamed Dilsad

Leave a Comment