Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ප්‍රසන්න රණවීරගේ පෙත්සමට අදාළ අධිකරණ නියෝගය මෙන්න

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද ?නැද්ද ? යන නියෝගය අප්‍රේල් මස 28 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියම කළේය.

ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. කැලණිය ප්‍රදේශයේ රජයේ ඉඩමක් නීති විරෝධී ඔප්පු සකසා විකිණීමේ සිද්ධියකට අදාළව තමන් ව අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

Related posts

Indian Army Chief calls on President

Mohamed Dilsad

Malaysian Police arrests 8 Lankans linked to human-trafficking syndicate

Mohamed Dilsad

CPC Trade Unions call off strike action following discussions with Premier

Mohamed Dilsad

Leave a Comment