Trending Newsඑසැන පුවත්දේශීය

පාඨලී කොළඹ බලය ඉල්ලයි.

කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක,හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. තමා එම ඉල්ලීම කරන්නේ කොළඹ නගරය ගොඩ නැගූ කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස බවද චම්පික මහතා කීවේය. එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ මහා නගර සභා අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් චම්පික රණවක මහතා එසේ ප්‍රකාශ කළේය.

2019 දී කොළඹ නගරය තුළ විශාල වැඩකොටසක් කළ බවත්, 2019න් පසු එක ගඩොලක්වත් කොළඹ නගරයේ අලුතින් තබා නැති බව රණවක මහතා පවසයි.

“අපි 2019 මේ කොළඹ නගරයේ නතර කරපු වැඩ ගොඩක් තිබෙනවා.2019න් පස්සේ එක ගඩොලක් වත් මේ කොළඹ නගරයේ අලුතින් තබලා නැහැ.අපි කොළඹ නගරයේ කසළ ප්‍රශ්නය විසඳුවා.කොළඹ නගරයට කැලණි ගඟ නිසා ගංවතුර උවදුරක් තිබුණා.ඒ ප්‍රශ්නයත් අපි විසඳුවා. නමුත් කොළඹ නගරයේ තියෙන පිටාර ප්‍රශ්න විසඳන්න තව ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා.” හිටපු හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.

Related posts

பொதுஜன முன்னணியின் கொள்கை அறிக்கை; திகதி வெளியீடு

Mohamed Dilsad

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් නිල සංචාරයක් සඳහා හෙට (04) දිවයිනට

Editor O

ජීවිත අහිමි කළ මාරක අනතුරු

Mohamed Dilsad

Leave a Comment