Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

සබ්බැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

ඊජිප්තු රතු මුහුදේදී සංචාරක සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. එම අනතුරෙන් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර සබ්මැරීනයේ සිටි 29 දෙනෙකු මුදා ගැනීමේ කණ්ඩායම් විසින් බේරා ගැනීමට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ සබ්මැරීනයේ සිටි සියලු දෙනා රුසියානු ජාතිකයින් වන අතර මුහුදු වෙරළ සහ කොරල්පර සඳහා ප්‍රසිද්ධ රතු මුහුදේ ජනප්‍රිය සංචාරක නිකේතනයක් වන හුර්ග්‍රහාඩා වරාය ආසන්නයේ දී එය ගිලී ඇතැයි වාර්තාවේ. සබ්මැරීනය ගිලීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ සබ්මැරීනයේ සිටි සංඛ්‍යාව සම්බන්ධයෙන් ද නිශ්චිත තොරතුරු වාර්තා වී නැතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

තැපැල් ඡන්ද විමසීම හෙටින් ඇරඹේ

Mohamed Dilsad

65 days after wife went missing from UAE, Indian expat makes desperate plea

Mohamed Dilsad

IMF විශේෂ මාධ්‍ය හමුව

Mohamed Dilsad

Leave a Comment