Trending Newsඑසැන පුවත්දේශීය

ලංකා වතු කම්කරු කොංග්‍රසයේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමේ ගැටළුව අධිකරණයට

පළාත් පාලන මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රිකයට ලංකා කම්කරු කොංග්‍රය විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව අධිකරණයට යන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.

ලංකා කම්කරු කොංග්‍රසය විසින් මෙවර පැවැත්වෙන පලාත් පාලන මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා අතරින් කොත්මලේ හා මස්කෙළිය ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප විම ගැන අදහස් දක්වමින් හෙතෙම ඒ බව කීවේය.

ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තරග කිරිමට නාම යෝජනා බාර දුන්නා. එයින් මස්කෙළිය හා කොත්මලේ ප්‍රාදේශීය සභා සදහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. නාම යෝජනා ප්‍රතික්ෂේව විමට එරෙහිව අධිකරණයට යනවා යැයි ද කීවේය.

Related posts

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]

Mohamed Dilsad

අඟුලාන පොලිසිය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක්

Mohamed Dilsad

15 Dengue breeding sites discovered at Moratuwa University

Mohamed Dilsad

Leave a Comment