Trending Newsඑසැන පුවත්දේශීය

ක්‍රිෂ් නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව අද (27) දැනුම් දුන්නේය.

සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් මුහුණුපොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් එම තීන්දුව ගත් බවත් විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණයේ අද දැනුම් දුනි.

ඒ අනුව, මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවට යොමු කරන බවත් ඔහු විවෘත අධිකරණයේ කියා සිටියේය.

Related posts

Police investigate Tamil street name incident

Mohamed Dilsad

GSP + සහනය මැයි 19 වන දින සිට මෙරටට

Mohamed Dilsad

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment