Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ගැන රජයේ ස්ථාවරය

2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මත පදනම්ව 2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත වැටුප් පරිමාණයන්ට අනුව වැටුප් ගෙවීම සඳහා වන විධි විධාන ඇතුළත් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පහත සඳහන් පරිදි තීරණය කරන ලදි.

*රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයට අදාළව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත බලය පැවරීම.

*රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සම්පුර්ණයෙන් රජය සතු සමාගම් සහ අනෙකුත් අදාළ ආයතනයන් සඳහා වන චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත බලය පැවරීම.

Related posts

ළමයින්ට එරෙහි දඬුවම් තහනම් කිරීමට සැලසුම්

Editor O

Special Party Leaders’ meeting on Provincial Council Election tomorrow

Mohamed Dilsad

ජංගම ඡන්ද වැඩසටහන පිළිබඳව මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment