Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ සමයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබේ.

ඒ අනුව අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු අදාළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු මැතිවරණ කොමිසම වෙත දැනුම් දිය යුතුය. මැතිවරණ කොමිසම පැවසුවේ දැනුම්දෙනු ලබන එම සංවර්ධන ව්‍යාපෘති කොමිසම විසින් සමාලෝචනය කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.

එමෙන්ම එම ව්‍යාපෘති අතුරින් මැතිවරණයට බලපෑමක් එල්ල කරනු ලබන යම් ව්‍යාපෘති වේ නම් එම ව්‍යාපෘති මැතිවරණයෙන් පසු සිදු කිරීමට රජයට උපදෙස් ලබා දෙන බවත් මැතිවරණ කොමිසම පැවසීය.

සාම්ප්‍රදායිකව මැතිවරණ සමයේදී කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීරණ මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන අතර එම කොමිසම විසින් අදාළ තීරණ සමාලෝචනය කර ඒ සම්බන්ධව රජයට දැනුම් දීම සිදුකරනු ඇත.
 

Related posts

500 பாடசாலை கட்டடங்கள் ஒரே நாளில் இன்று மாணவர்களிடம் கையளிப்பு

Mohamed Dilsad

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් : 23ක් ජීවිතක්ෂයට

Editor O

රනිල් ජනාධිපතිව සිටි කාලයේ මාස 04 ක ට, වෙන් කළ ට්‍රිලියන 1.4 මුදලම අනුරත් වෙන් කරගෙන. මොකද්ද වෙනස…? සජබ මන්ත්‍රී කබීර් හෂීම් පාර්ලිමේන්තුව දෙවනත් කරයි.

Editor O

Leave a Comment