Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ සමයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබේ.

ඒ අනුව අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු අදාළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු මැතිවරණ කොමිසම වෙත දැනුම් දිය යුතුය. මැතිවරණ කොමිසම පැවසුවේ දැනුම්දෙනු ලබන එම සංවර්ධන ව්‍යාපෘති කොමිසම විසින් සමාලෝචනය කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.

එමෙන්ම එම ව්‍යාපෘති අතුරින් මැතිවරණයට බලපෑමක් එල්ල කරනු ලබන යම් ව්‍යාපෘති වේ නම් එම ව්‍යාපෘති මැතිවරණයෙන් පසු සිදු කිරීමට රජයට උපදෙස් ලබා දෙන බවත් මැතිවරණ කොමිසම පැවසීය.

සාම්ප්‍රදායිකව මැතිවරණ සමයේදී කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීරණ මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන අතර එම කොමිසම විසින් අදාළ තීරණ සමාලෝචනය කර ඒ සම්බන්ධව රජයට දැනුම් දීම සිදුකරනු ඇත.
 

Related posts

சீனாவில் சக்திவாய்ந்த நிலநடுக்கம்

Mohamed Dilsad

Michael Moore is making a movie about Trump that claims it will dissolve his Presidency

Mohamed Dilsad

රාජ්‍ය සේවක වැටුප් ගැන තීරණයක්

Editor O

Leave a Comment