Trending Newsඑසැන පුවත්දේශීය

‘පිටසක්වල ජීවීන්ගේ සහයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන හැටි නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් කියයි.

පිටසක්වල ජීවීන් ශ්‍රී ලංකාවේ දහයියාගල කඳු ගැටයට ගොඩබසින බවට ලෝකයේ ජනප්‍රිය වී ඇති බවත් ඒ අනුව එම ස්ථානයෙහි සංචාරක මධ්‍යස්ථානයක් ඉදිකර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි. ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “මහජන දිනය” වැඩසටහනකදී ය.

සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීවේය. “දිඹුලාගල ගත්තොත් ලෝකයේ දැන් පිටසක්වල ජීවීන් ලංකාව ගොඩබහිනවා කියලා ජනප්‍රියම කඳුගැටය තියෙන්නෙ මාදුරුවාව ඩෑම් එකට දකුණු පැත්තෙන් දහයියාගල. ඉතින් ඒක ලෝකයේ විශේෂිත සංචාරක මධ්‍යස්ථානයක් කරන්න පුළුවන්”

නිවේදකයා – ගොඩබැස්සෙ නැතත් අපි ගොඩබහිනවා කියලා කොහොමහරි දියුණු කරලා ගමු අපි ඒක ….

“නෑ, නෑ. බැස්සෙ නැතත් නෙවෙයි, දැනට එහෙම ජනප්‍රවාදයක් සහ ඒකෙ පිහිටීම අනුව සහ එහෙම ලෝකෙට ගියපු පණිවිඩයක් තියෙනවා. ඉතින් ඒ පණිවිඩය අපි පෝෂණය කරන එකනෙ කරන්න ඕනෙ. ඒකට විද්‍යාත්මක පසුබිමක් තියෙනවා නම් ඒක හොයන්න ඕනෙ අපි. ඒක හොයලා ඒක පෝෂණය කරන්න ඕනෙ අපි. ඒකට කැමති මිනිස්සු ඉන්නවානෙ. නේද ? ඒක අපිට ප්‍රයෝජනයට ගන්න ඉතාම හැකියාවක් තියෙනවා

එම වීඩියෝව මෙතනින්

Related posts

World chess body accounts closed over president’s Syria sanctions

Mohamed Dilsad

Govt. Doctors to strike tomorrow

Mohamed Dilsad

இராஜினாமா கடிதத்தை ஜனாதிபதியிடம் கையளித்தார் பிரதமர்

Mohamed Dilsad

Leave a Comment