Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ බොරු අල්පේච්ඡතාවය රැකීමට පෙරටත් වඩා වියදම් යනවා – පාඨලී චම්පික

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආණ්ඩුවේ වියදමක් මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහන ජනාධිපතිවරුන්ගේ ආණ්ඩු වලට වඩා කෝටි ලක්ෂයක් වියදම වැඩි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

ලොකු වාහන පෙළපාලි නෑ කිව්වත් පාර්ලිමේන්තුවෙන් කෑම නොගන්නා බව කිව්වද ඇතැම් දේශපාලඥයන්ගේ බොරු අල්පේච්ඡතාවය රැකීමට පෙරටත් වඩා වියදම් යන බවත් ඔහු පැවසුවේය.

මෑතකදී ජනාධිපතිවරයාත් මහනුවර දළදා මාලිගාවට ගිය අවස්ථාවේ මාධ්‍යය පෙන්වුයේ ඔහු සමග පරිවාර එක් රථයක් පමණක් යනු වුවද දස දහසකට වැඩි පොලිස් බලඇණියක් සමග පාරක්ෂක වාහන සිය ගණනක් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් අවට සියලු මාර්ගයන් වෙත යොදා තිබූ බවද හෙතෙම කියා සිටියේය.

Related posts

Navy recovers illegal explosive items

Mohamed Dilsad

අලුත් විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දෙයි

Editor O

All Expenditure Heads, including the President’s passed

Mohamed Dilsad

Leave a Comment