Trending Newsඑසැන පුවත්දේශීය

සහල් ආනයනය කරන්න වෙනවා – වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ

මෙවර මහ කන්නේ අපේක්ෂිත වී අස්වැන්න පහළ බැස ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. මෙටට්‍රික් ටොන් මිලියන දෙකයි දශම නවරක් මෙවර කන්නයෙන් අපේක්ෂා කළද ලැබෙන්නේ මෙට්‍ර්රික් ටොන් මිලියන 2.4ක් පමණක් බවට පුරෝකතනය වී ඇති බවද හෙතෙම පැවසුවේය.

කාලගුණ තත්ත්වයන් ගංවතුර තත්ත්වයන් මීට බලපා ඇති බවද හෙතෙම කියා සිටී. යම් හෙයකින් මෙම තත්ත්වය මත සහල් වෙළඳපොලේ කිසියම් ගැටලුවක් මතුවුවහොත් ජනතාවට සහල් ලබාදීම සඳහා අනිවාර්යෙන්ම රජයට සහල් ආනයනය කිරීමට සිදුවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය. පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ඡන්දෙ තියන්න අනුර ගෙන් අලුත් යෝජනාවක්

Mohamed Dilsad

පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් යයි

Mohamed Dilsad

கேரள கஞ்சா தொகையுடன் இருவர் கைது

Mohamed Dilsad

Leave a Comment