Trending Newsඑසැන පුවත්දේශීය

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි පැමිණිල්ලක් යළි කැඳවීමට නියෝග

මුද්‍රණ කඩදාසි මිලදී ගැනීමක් සම්බන්ධව සාපරාදී විශ්වාසය කඩකළේ යැයි කියන සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 30වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය. එම ගනුදෙනුව රුපියල් මිලියන 12ක වටිනාකමක් සහිත බව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

නෙප්චූන් පේපර්ස් පුද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ල, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය. එම අවස්ථාවේදී අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තම සේවාදායකයාට මේ දක්වා චෝදනා පත්‍ර භාරදී නොමැති බවයි. ඒ අනුව පැමිණිල්ල නැවත අප්‍රේල් මස 30වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, එදින සැකකරුට චෝදනා පත්‍ර භාරදෙන ලෙසත් නියම කළේය.

Related posts

Premier to testify before PSC on Aug. 06

Mohamed Dilsad

Sri Lanka take on Afghanistan in third match of Asia Cup today

Mohamed Dilsad

இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

Leave a Comment