Trending Newsඑසැන පුවත්දේශීය

පොහොර සහනාධාර වංචා කළ රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට – නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න

රජය විසින් ලබාදුන් පොහොර සහනාධාර මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති අතර, එම මුදල් සොරාගෙන ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී සුසන්ත කුමාර නවරත්න මන්ත්‍රීවරයා විසින් අද (18) යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගොවීන් 155 දෙනෙකුට ලබාදුන් පොහොර සහනාධාර මුදල් රුපියල් 2,934,310ක් සොරගෙන ඇති බවට අනාවරණය වූ බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් නිලධාරිනියක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇතැම් ගොවීන්ගේ පොහොර සහනාධාර මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනය සිදුකරන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

Related posts

UNP Convention on Oct. 03 to declare Sajith’s candidacy

Mohamed Dilsad

ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට දේශපාලන පක්ෂ නියෝජිතයන්

Mohamed Dilsad

நியாய விலையில் மக்களுக்கு மணல் கிடைக்க கோரி கிளிநொச்சியில் ஆர்ப்பாட்டம்

Mohamed Dilsad

Leave a Comment