Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සතොස, අත්‍යාවශ්‍ය ආහාර දුව්‍ය කිහිපයක මිල පහළ දමයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව, දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 08කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 277ක් ද, රතු පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 04කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 279ක් ද, පාන්පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 02කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 162ක් ද වේ.

එමෙන්ම, ග්‍රෑම් 425 ටින්මාළු රුපියල් 10කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 490ක් ද, අර්තාපල් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 13කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 185ක් ද, සුදු කව්පි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 45කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 750ක් ලෙසයි, නව මිල ගණන් සඳහන් වෙන්නේ.

තවද, ලොකු ලුණූ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 25කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 160ක් සහ සුදු ලුණූ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 575ක් ද වේ.

Related posts

නාමල් කුමාර බන්ධනාගාර ගත කරයි

Editor O

Chris Gayle awarded $220k in damages for defamation

Mohamed Dilsad

Wildlife officer critically injured in elephant attack

Mohamed Dilsad

Leave a Comment