Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නිවැරදිව හා පැහැදිලිව සම්පූර්ණ කරන ලද නාම යෝජනා පත්‍රයේ එක් පිටපතක් පමණක් ඒ සඳහා අමුණා තිබිය යුතු සියලු ඇමුණුම් සහිතව නියමිත කාලසීමාව තුළ අදාල දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරිවරයා වෙත භාරදෙන ලෙසයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැනුම් දෙන්නේ.

තරුණ අපේක්ෂකත්වය තහවුරු කිරීම සඳසා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයෙකු විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැති විටක සාමදාන විනිශ්චයකාරවරයකු හෝ දිවුරුම් කොමසාරිස්වරයෙකු විසින් සහතික කල වයස සනාථ කෙරෙන දිවුරුම් ප්‍රකාශයක් නාම යෝජනා පත්‍රයට අමුණා තිබිය යුතු බවයි.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරගැනීම ලබන සඳුදා ආරම්භ වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඡන්ද අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ ලබන සඳුදා දිනයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් විභාග අපේක්ෂකයින්ට බාධා වන ලෙස කටයුතු කිරීමෙන් වලකින ලෙසය

Related posts

විගමනික ශ්‍රමිකයින්ට සහන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Puducherry CM calls for steps to secure release of Indian fishermen in Sri Lanka

Mohamed Dilsad

Ex-MP Sajin Vass Gunawardena indicted

Mohamed Dilsad

Leave a Comment