දේශීය

විගමනික ශ්‍රමිකයින්ට සහන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක්

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් විගමනික ශ්‍රමිකයින්ට සහන ලබාදීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය සඳහන් කළේ ඒ සඳහා විදේශ දූත මණ්ඩල 16ක කම්කරු සුබසාධක අංශ වෙත මුදල් ප්‍රතිපාදන වෙන්කොට ඇති බවයි.

ඒ අනුව අබුඩාබ, බහරේන්, සයිප්රසස්, ඩුබායි, ඊශ්‍රායල්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, රියාද්, දකුණු කොරියාව සහ සිංගප්පූරුව යන රටවල විගමනික ශ්‍රමිකයින් සඳහා අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීම සිදුවෙයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමනික ශ්‍රමිකයින් පිළිබඳ විමසීම් කළ හැකි බවයි.

Related posts

සරසවි සිසුවිය දූෂණය කළ තරුණයාට වසර 16ක සිරදඬුවමක්

Mohamed Dilsad

මෙරට පළමු සය නිවුන් දරු උපතක්

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගෙන් රීට් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment