Trending Newsඑසැන පුවත්දේශීය

අක්මීමන වෙඩි තැබීමෙන් විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීයෙක් මරුට

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. අද (13) පස්වරුවේ යතුරුපැදියකින් ඔහුගේ නිවසට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව අක්මීමන පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් හිටපු බන්ධනාගාර නිලධාරිවරයා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 61 හැවිරිදි බූස්ස බන්ධනාගාරයේ, බන්ධනාගාර අධිකාරිවරයෙකු ලෙස සේවය කළ සිරිදත් ධම්මික යන පුද්ගලයෙකු බව සඳහන් වේ. කෙසේවෙතත් කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න මේ වනතෙක් තොරතුරු වාර්තා වී නොමැත. අක්මීමන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

Foxx, Gordon-Levitt team for Netflix sci-fi film

Mohamed Dilsad

கஞ்சிபானை இம்ரான் மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

Showers to enhance from today

Mohamed Dilsad

Leave a Comment