Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය කාර්යය මණ්ඩල දැවැන්ත වැඩවර්ජනයකට සූදානම් වෙති…?

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දීමනා කප්පාදුව ඇතුළු අනෙකුත් කප්පාදු කිරීම් රජය ලබන 15 වැනිදා වන විට නතර නොකරන්නේ නම්, ලබන 17 වැනිදා දැවැන්ත වැඩ වර්ජනයකට යන බව සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු අඟවති. මෙම ගැටලු සාකච්ඡා කිරීමට ආණ්ඩුව තවමත් ආරාධනා කර නැතැයි ද ඔවුහු කියා සිටියහ.

මෙම කප්පාදුව හමුවේ 40,000 කට අධික හෙද නිලධාරීන් පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවැසීය. හෙද නිලධාරීන්ගේ උසස්වීම් කප්පාදුව වහාම නතර කිරීම, අතිකාල දීමනා පෙර තිබූ ගණනට රැගෙන ඒම, රජයේ නිවාඩු දින දීමනාව මාසික වැටුපෙන් 20/1 ක් ලෙස ගෙවීම යනාදිය වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක නොකරන්නේ නම් ලබන 17 වැනිදා සිට දැවැන්ත වැඩ වර්ජනයකට යන බවද හෙතෙම කීය.

මේ සම්න්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට සතියකදී අවස්ථාව ලබාදෙන බවට රජය පොරොන්දු වුවත් එය මෙතෙක් ඉටුකර නැතැයිද ඔහු සඳහන් කළේය. මේ අතර අතිකාල අනුපාත අගය 160/1 ලෙස පවත්වා ගැනීම, නිවාඩු දින දීමනාව 20/1 ලෙස පවත්වාගෙන යෑම යනාදිය ගැන රජයේ අවධානය යොමු නොවන්නේ නම් අනිවාර්යයෙන්ම මාර්තු 17 වැනිදා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවැසීය.

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යොමු වුවහොත් රෝගීන්ට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් රජයේ බලධාරීන් වගකීම් භාරගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් කීය.

Related posts

அனுஷ்கா ஷர்மாவுக்கு வலை?

Mohamed Dilsad

Abu Bakr al-Baghdadi: US releases first images of raid on compound – [VIDEO]

Mohamed Dilsad

Sri Lanka, India hold 29th International Maritime Boundary Line meeting

Mohamed Dilsad

Leave a Comment