Trending Newsඑසැන පුවත්දේශීය

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ ව අධිකරණ නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 සිදුකළ බැඳුම්කර නිකුතුවේදී රජයට පාඩු සිදු කළේ යැයි කියනු ලබන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. 

2015 පෙබරවාරි 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියකට අදාළව පොලිසිය විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස්  සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන ගිණුම් සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බව සඳහන් කළේය.

එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ අතර එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් නියම කළාය.

මෙම  අපරාධය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.

Related posts

“Plans underway to attract more tourists” – Premier

Mohamed Dilsad

කොළඹ සිටි යාචකයින් 360 ක් රැඳවුම් මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

Train hits Five Elephants in Puwakpitiya

Mohamed Dilsad

Leave a Comment