Trending Newsඑසැන පුවත්දේශීය

මූල්‍ය වංචාවක් නිසා රාජ්‍ය සේවයෙන් නෙරපූ පුද්ගලයෙක්, මාලිමා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටින බවට අනාවරණයක්

පොහොර සංස්ථාවේ වැඩ කරන සමයේ මුල්‍ය වංචා දූෂණයක් නිසා වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙක් වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු බවට පත්වී පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුනක වාඩි වී සිටින බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (03) ප්‍රකාශ කළේය.

වත්මන් ජනාධිපති අනුර දිසානායක, කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටින සමයේ එම පුද්ගලයා ගෙනවිත් තිබෙන බව කී මන්ත්‍රීවරයා ඉන්පසුව පොහොර සංස්ථාවේ සිටියදී අදාළ වංචාව කර තිබෙන බව ද සඳහන් කළේය.

තමා පෞද්ගලිකව කාටවත් මඩ ගහන්න කැමති නැති නිසා එම පුද්ගලයාගේ නම සඳහන් කරන්නේ නැතැයි ද රාසමානික්කම් මහතා කීය. මූල්‍ය වංචා කරපු අය පාර්ලිමේන්තු සභාව ඇතුලේ තනතුරු වල සිටින විට ආණ්ඩුව ගැන පැහැදිලි සැකයක් ඇති වීම සාධාරණ බවද මන්ත්‍රීවරයා කීවේය.

Related posts

ஜனநாயக வெற்றியை எந்த காரணத்திற்காகவும் மீண்டும் இழக்க முடியாது – முஜிபுர் ரஹ்மான் [VIDEO]

Mohamed Dilsad

நியூசிலாந்து அணி முதலில் துடுப்பெடுத்தாட்டம்

Mohamed Dilsad

මාස 3කට ප්‍රමාණවත් ඖෂධ රජයේ රෝහල් සතුයි..

Mohamed Dilsad

Leave a Comment