Trending Newsඑසැන පුවත්දේශීය

ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට අනුමැතිය

දසවැනි පාර්ලිමේන්තුව යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟත්වය පළ වී තිබෙනවා

ඒ අනුව ඉන් 3 ක සභාපතිධුර විපක්ෂයටත් 4ක සභාපතිධුර ආණ්ඩු පක්ෂයටත් ලබා දීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟත්වය පළ වී ඇත්තේ

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කර තිබෙනවා

ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාලෝචනය කිරීමට පත්කරන ලද කමිටුවේ නිර්දේශ මත ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් සියලු අමාත්‍යාංශවල විෂය පථයන් ආවරණය වන පරිදි පිහිටුවීමට තීරණයවී ඇත්තේ

එමෙන්ම දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්වරුන් විසින් කර ඇති ඉල්ලීමට ද කාරක සභාවේ අනුමතිය හිමිවූ බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ

Related posts

Sri Lanka’s Shemara Wikramanayake becomes Australian Macquarie Bank’s first female CEO

Mohamed Dilsad

எரிபொருள் விலையின் இறுதி தீர்மானம் இன்று

Mohamed Dilsad

Geoffrey Aloysius and others produced at court

Mohamed Dilsad

Leave a Comment