Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි බල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලි සැපයුම් ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් ලබා ගන්නා සුරක්ෂිත තැන්පතු මුදල් සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් පාරිභෝගිකයින් වෙත ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2024 ජනවාරි 30 වැනි දින අධිකරණයට ඉදිරිපත් කර ඇති මෝසමේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවනු ල‍බන 11.67%ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරි‌‌භෝගිකයන්ට මෙන්ම අනෙකුත් විදුලි පාරිභෝගියන්ට ගෙවිය යුතු බවට ද එස් තුරෙයි රාජා, සෝභිත රාජ කරුණා යන මහත්වරුන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ලංකා විදුලි බල පනතේ 28/3 පනත ප්‍රකාරව ලබාගෙන ඇති වාර්ෂික පොලී මුදල පාරිභෝගියන්ට ගෙවන ලෙසට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගියන්ගේ සංගමය, එම සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ හා ලේකම් ප්‍රසාද් භාතිය අමරකොන් යන මහත්වරුන් විසින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැදවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය.

විදුලි සහ බලශක්ති අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා නීතිපතිවරයා එම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ආචාර්ය ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටි අතර වග උත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධිනීතීත්‍ය සුරේකා අහමද් මහත්මිය පෙනී සිටියා‌ය.

Related posts

Security Forces join Dengue eradication programme

Mohamed Dilsad

Maria Sharapova signs two-year Birmingham deal

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 200 අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment