Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති රටවල් තුනකට ලක්‍ෂ 18කින් ගියේ ෆුට්බෝඩ් ද..? – දිලිත් ජයවීර

ජනාධිපති අනුර දිසානායක මහතා මෑතකදී සිදු කළ විදේශ සංචාරයන් සඳහා වැය වූයේ රුපියල් ලක්ෂ දහඅටක් පමණක් යැයි පාර්ලිමේන්තුවේදී අගමැතිනි හරිනි අමුරසූරිය කළ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අභියෝග කරයි. ඔහු පෙන්වා දෙන්නේ එම ගමන් එම මුදලින් රටවල් තුනකට සංචාරය කළේ යැයි විශ්වාස කළ නොහැකි බවයි.

‘ජනාධිපතිතුමා විදේශ සංචාර වියදම් අඩු කර ඇතැයි අගමැතිතුමිය කියනවා. ඔහු පා පුවරුවේ ගියත් මෙතරම් අඩු මුදලකින් රටවල් තුනකට ගියේ කොහොමද කියලා මම දන්නේ නැහැ’ වියදම් අඩු කිරීමෙන් පමණක් ලාභ උපයාගත නොහැකි බවද පැවසූ මන්ත්‍රීවරයා ආදායම් උත්පාදනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද කියා සිටියේය.

අයවැය හිඟය පියවන්නේ කෙසේද, මෙරට ණය ආපසු ගෙවන්නේ කෙසේද යයි විමසූ මන්ත්‍රීවරයා අප අපව ම රවටා නොගත යුතු බවද පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේය.

2010- 2014 දක්වා වසර හතරක කාලයේදී විදේශ සංචාර සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි තුන්සිය පනස් හතකට වැඩි මුදලක් වැය කර ඇතැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015-2019 අතර කාලයේදී විදේශ සංචාර වෙනුවෙන් රුපියල් තිස් අට කෝටියකට වැඩි මුදලක් වැය කර ඇති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020-2022 කාලයේදී රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් වැය කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023-2024 කාලයේදී රුපියල් කෝටි පනස් තුනකට වැඩි මුදලක් වැය කර ඇති බව පැවසු අගමැතිවරිය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2024 සැප්තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා ගිය විදේශ සංචාර වෙනුවෙන් වැය කර ඇත්තේ රැපියල් ලක්ෂ 18ක මුදලක් පමණක් බවද කීවාය.

lankaCnews

Related posts

Vowing for Innocence of Muslim IDPs at BBC London – [VIDEO]

Mohamed Dilsad

Youths lose their lives for fatal accident in Meegahatenna

Mohamed Dilsad

மட்டுப்படுத்தப்பட்ட புகையிரத சேவை…

Mohamed Dilsad

Leave a Comment