Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවූ බව දැනුම්දෙමින් අද (27) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනයට අනුව මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීම සඳහා වූ අයදුම්පත් හෙට (28) සිට මාර්තු මස 28 වනදා ප.ව. 3.00 දක්වා භාරගනු ලැබේ. 

අදාළ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අදාළ පක්ෂයේ ලේකම්වරයා පෞද්ගලිකව පැමිණ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීම හෝ සිදුකළ හැකිබව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටියි.

Related posts

ரொக்கட் ஒன்றினை நிர்மாணித்த மாணவனுக்கு ஜனாதிபதி 10 இலட்ச ரூபா நிதி அன்பளிப்பு

Mohamed Dilsad

India’s Congress Party and Premier discuss maritime issues

Mohamed Dilsad

ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50,000 ක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment