Trending Newsඑසැන පුවත්දේශීය

මාස දෙකට රට පුරා වෙඩි තැබීම් 17ක් : ආරක්ෂාව පිළිබඳ ජනතා විශ්වාසය බිඳවැටිලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මෙම වසරේ ගතවූ මාස මාස 2 තුළ දී පමණක් වෙඩි තැබිම් 17ක් වාර්තා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේදී අද (28) ප්‍රකාශ කළේය. .

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. දිගින් දිගටම සිදුවන ඝාතන ජනතාවගේ ජනජීවිත නොසන්සුන් වී ඇති නිසා රජය මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගත් ආයුධ පෙන්වීමට ගොස් මරා දැමීම් නැවත නැවතත් සිදුවන අතර අපරාධ සාක්ෂි වසන් කිරීමට ඝාතන සිදු කරන බවට මහජන මතයක් සිදුව ඇති බවත් පොලිස් ස්ථානයකින් අපරාධකරුවකු එළියට ගෙන යන්නේ නම් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන බවට රජය කිව්වත් එවැනි දෙයක් සිදු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් පොලිසිය අනුගමනය කරන චක්‍රලේඛ නඩුතීන්දු සභාගත කරන ලෙස ඉල්ලා සිටියේය.

එමෙන්ම අපරාධ සම්බන්ධ වාර්තාකරණයේ ආණ්ඩුවේ නිර්ණායක සභාගත කරන ලෙසත් පසුගිය කාලයේ සිදුවීම්වල දී අපරාධකරුවන් උත්කර්ෂයට පත්වන ලෙස වාර්තා කිරීම ගැන රජයේ ස්ථාවරය ද දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මේ අතර පොලිස්පති හා පොලිස් කොමිසම අතර ගැටුමක් ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ උසස් ජාතික ආරක්ෂාවක් සුරක්ෂිත රාජ්‍යයක් යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වගකීම හා වගවීම තහවුරු කරන ජාතික ආරක්ෂක කවුන්සලය ඇති කිරිමට ගෙන ඇති වැඩපිළිවෙළ අනාවරණය කරන ලෙසයි.

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ නීතිය මත පාලනයක් හා සමප්‍රවේශී අධිකරණ පද්ධතියක් යන තේමාව යටතේ සාධාරණ හා සමානව නීතියේ රැකවරණය විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ස්වාධීනත්වය හා ජනතා විශ්වාසය යන මුලධර්ම මත පදනම්ව කටයුතු කරන බව රජය මහජනතාවට පොරොන්දු වුවත් වත්මන් තත්ත්වය දෙස බලන විට සංවිධානාත්මක අපරාධ කල්ලි හිස එසවීම හා අධිකරණය තුළ සිදුවන ඝාතන නිසා මහජනතාවට තම ජීවිතාරක්ෂාව ගැන ගැටලුවක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

Related posts

சமந்தாவுக்கு விட்டு கொடுத்த திரிஷா

Mohamed Dilsad

Shan Wijayalal De Silva appointed Eastern Province Governor

Mohamed Dilsad

Ajith keen on fulfilling his promise to Sridevi

Mohamed Dilsad

Leave a Comment